Powered by Blogger.

Tuesday, October 30, 2012

ක්‍රිකට් ප්‍රිමියර් ලීග් සහ ග්‍රී ලංකා ක්‍රිකට්

                                                       
 2008 වර්ශයේදී ඉන්දීය ප්‍රිමියර්  ලීග් තරගාවලිය ආරම්භ වීමත් සමග T20 උන්මාදය  ග්‍රී ලංකාව,  ඉන්දියාව ඇතුලු වෙනත් රටවල් වලට ඉතා ඉක්මනින් පැතිර ගියේ මෙය වෛරසයක් බවට අනතුරු අගවමිනි.
ඕස්ට්‍රේලියාවේ බිග් බෑශ් තරගාවලිද, එංගලන්තයේ ෆ්රෙන්ඩ්ස් ලයිෆ් T20 තරගාවලියද යන ක්‍රිකට් ලොව දැවැන්ත, තාක්ශනය අතින් දියුණු  රටවල් වල  ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලි පසු කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වූයේ ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේත් ක්‍රිකට් තරුත් ආකර්ශනයට පත් කරමිනි.ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන සුපිරි තරු සහ දක්ෂතා ඇති ක්‍රීඩකයින් මෙහෙදී වෙන්දේසී කෙරුන අතර තවත් සමහර ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් ආයතනය ගෙවනවා මෙන් 15 ගුණයකටත් වඩා මෙහෙදී හිමිවිය.

මා මේ ලිපිය ලිවීමට අදහස් කර ගත්තේ අයි.පී.එල් සංඛ්‍යාලේකන හෝ වාර්තා  දිග හැරීමට නොව එම තරගාවලිය නිසා ග්‍රී ලංකා ක්‍රිකට් වලට ඇතිවු බලපෑම සහ ග්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් වලට ඇතිවූ වාසි සහ අවාසි පිළිබදව විමසා බැලීමටය.

අයි.පී.එල් ගිවිසුම නිසා ග්‍රී ලංකා ක්‍රිකට් වලට මෑතකදී ඇතිවූ බලපෑම වන්නේ හිටපු නායක මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග නවසීලන්ත විස්සයි විස්ස සංචිතයට ඇතුලත් නොවීමයි. එහිදී ඔවුන්ව ඉවත් කිරීමට හේතුව ලෙස සදහන් කර තිබුනේ තරග වැඩි සංඛ්‍යාවක් එක දිගට ක්‍රීඩා කල නිසා විවේකයක් ලබා දීමටයි. විහිලුවකි... සැබවින්ම සිනහා පහල වන විහිලුවකි... බලධාරීන් නිවැරදිනම් කුමාර් සංගක්කාරට, තිලකරත්න දිල්ශාන්ට,,නුවන් කුලසේකරට  විවේකයක් ලබා නොදීමේ අරමුණ කුමක්ද?

අපට ඉන් පසුව ආරංචි වූයේ නොවැම්බර් මස 19 වෙනි දින ආරම්භ වන ද.අප්‍රිකා ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියේ පෙර පුහුණුවීම සදහා ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ආරම්භක පිතිකරු ශේන් වොට්සන් තම රට බලා යන පුවතයි.

මහේල ජයවර්ධනට, ලසිත් මාලිංගට සහ ශේන් වොට්සන්ට තම කණ්ඩායම් සමග ඇත්තේ සමාන ගිවිසුමකි. වෙනසට ඇත්තේ තම රටෙහි බලධාරීන්ගේ තත්වය ඔවුන් දැන සිටීමය.එම නිසා ශේන් වොට්සන් තම ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමට අවනත වී තම මව්බිම කරා පියාසර කර ඇති අතර අපේ කණ්ඩායමේ ජයේඨතම ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය 26 වනදා තෙක් තම කණ්ඩායම සමහ රැඩී සිටීමයි. මෙහි තවත් පැතිකඩක් වන්නේ මාලිංග සහ මහේල යන ක්‍රීකකයන් දෙදෙනා පසුගිය කාල වකවානුවේ එක දිගට ක්‍රීඩා කර ඇත. මාලිංග වැනි පන්දු යවන්නන් එක දිගට ක්‍රීඩා කිරීමෙන් සිදුවන්නේ ඔවුන් තව තවත් ආබාධ වලට ගොදුරු වීමකි.
මෙහිදී සිදුවන්නේ මොවුන්ගෙන් තම කණ්ඩායමට උපරිමයක් ඉටු නොවීමයි. මෙහිදී වැඩි දෝශාරෝපනයක් එල්ල වන්නේ පන්දු යවන්නාටයි. මක්නිසාද යත් පිතිකරුවාගේ දුර්වල ස්ථානයක් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී සොයාගත්තා යනු පිතිකරුවාට සාර්ථක වීමට තවත් මග පාදන්නකි. තවද පන්දු යවන්නන්ට මුහුන දී ඔවුන් තව තවත් අත්දැකීම් ලබා ගනී. නමුත් මාලින්ග වැනි  පන්දු යවන්නෙක් ගත්විට ඔහු හදුනා ගැනීමට අපහසු පන්දු යවන්නෙකි

අවසන් වශයෙන් සදහන් කල යුතු දෙයක් ඇත. ප්‍රිමියර් ලීග් වැනි තරගාවලි සදහා අවශ්‍ය ක්‍රීඩකයාගේ දක්ශතාවය මිසක ක්‍රීඩකයා නොවේ. හොදම උදාහරනය වන්නේ ග්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරියයි. 2008,2009 වර්ශවලදී අති සාර්ථකව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කල සනත් ජයසූරියට 2010 වර්ශයේදී තරග කිරීමට හිමි වූයේ තරග 3 ක් පමණි. එම තරග 3 අසාර්ථක වූ ජයසූරිය ඉන් පසු තරගාවලියේ වෙන්දේසියට නම ඇතුලත් වූයේවත් නැත. නමුත් ජයසූරිය ජාතික කණ්ඩායමේ සිටියදී ඔහු අසාර්ථක පිට අසාර්ථක වෙද්දී ඔහුට දුන් අවස්ථා අතේ ඇගිලි ගණනටත් වැඩි බව ඔබ දනී. ඔහු අසාර්ථක වෙද්දී ඔහුව කණ්ඩායමේ තබා ගත්තේ ග්‍රී ලංකා කණ්ඩායමට වෙන්ත් ආදේශ ක්‍රීඩකයන් නැති නිසාද? නැත, ඔහුව කණ්ඩායමේ තබා ඔහුව රිද්මයකට ගෙන ඒමටය.
එම හේතුව මතක තබා ක්‍රීඩකයන් දැන්වත් සිතිය යුත්තේ තම ජාතික කණ්ඩායම නැතිනම් තමනුත් අද මෙතන නැති බවය.

No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger