Powered by Blogger.
Showing posts with label ඔබ දන්නවාද?. Show all posts
Showing posts with label ඔබ දන්නවාද?. Show all posts

Tuesday, August 21, 2012

ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා කවුද?

                         ක්‍රිකට් ක්‍රීඩාංගනයක වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්දනයි.
                       ඔහු කොලඹ SSC පිටියේ දී තරග 25ක් ක්‍රීඩා කර ඇති අතර ඔහුට පසුපසින් සිටින්නෙ මුත්තෛයා මුරලිදරන් ය. ඔහු තරග 24ක් එම පිටියේදීම ක්‍රීඩා කර ඇති අතර සනත් ජයසූරිය තරග 22 ක් ක්‍රීඩා කරමින් ඔහුට පසුපසින් සිටිනවා.
                      එම වාර්තාවේ විශෙෂත්වය වන්නේ පලමුවෙනි,දෙවෙනි හා තුන්වෙනියට සිටින ක්‍රීඩකයින් ශ්‍රී ලාංකිකයින් වීමත්, එම ක්‍රීඩකයින් තිදෙනා වැඩිම ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇත්තේත් SSC පිටියදීම වීමත්‍ ය. 

Monday, August 13, 2012

ලොව වැඩිම ද්විත්ව ශතක වාර්තා කර ඇති ක්‍රීඩකයා කවුද?


                           ඕස්ට්‍රේලියානු ජාතික ඩොන් බ්‍රැඩ්මන් වේ.1928-1948 අතර තරග කර ඇති ඔහු තරග 52ක් තුල ද්විත්ව ශතක 12ක් වාර්තා කර ඇත.ශතක 29ක් සහ අර්ධ ශතක 13ක් ඔහුගේ නමින් ලියවී ඇති අතර ඔහු තරග 52 තුල ලකුණු 6996 ක් 99.94 ක් සාමාන්‍යක් යටතේ ලබා ගෙන තිබෙනවා.

                          ඩොන් බ්‍රැඩ්මන්ට පසුපසින් සිටිනේ බ.ඉ. කොදෙව් ජාතික බ්‍රයන් ලාර යි.ඔහු 1990-2006 අතර කාල පරසයෙහි ක්‍රීඩා කර ඇති අතර තරග 131 තුල ද්විත්ව ශතක 9ක් වාර්තා කර තිබෙනවා.ඔහු ශතක 34ක් සහ අර්ධ ශතක 48 වාර්තා කර ඇති අතර ඔහුගේ 400* ඉනිමක වැඩිම ලකුනු සංඛ්‍යාව ලෙස වාර්තා වනවා.ඔහුගේ තරගයක සාමාන්්‍ය 52.88වන අතර  ඔහු 17 වතාවක් 0 ට දැවී ගොස් තිබෙනවා.

බ්‍රයන් ලාරාට පසුපසින් සිටින්නේ ග්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරයි.ඔහු තරග 111ක් තුල ද්විත්ව ශතක 8 ක් වාර්තා කර ඇති අතර ශතක 30 සහ අර්ධ ශතක 39ක් ඔහුගේ නම අසලින් ලියවනවා.2006 දී ද.අප්‍රිකාව සමග පැවති තරගයේදී ලබා ගත් 287 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වනවා.
එම සටහනෙහි 5 වන ස්ථානයෙහි මාවන් අතපත්තු ත්(6) , 8 වන ස්ථානයෙහි මහේල ජයවර්ධනත්(6), 26 වන ස්ථානයෙහි සනත් ජයසූරියත්(3) ‍රැදී සිටිනවා.

Friday, August 10, 2012

වර්ශ 2000 සිට ලොව හොදම පිතිකරුවා කුමාර් සංගක්කාරද?


                            එම ප්‍රශ්නයට හොදම පිලිතුර අපට සොයා ගත හැක්කේ වන්නේ වර්ශ 2000 සිට වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් පිරික්සීමෙනි.
                            නමුත් ටෙස්ට් ලකුණු වලට අනුව හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ලකුනු 11,113ක් ලබා ගනිමින් පෙරමුනේ පසුවනවා.ඊට පසුපසින් පිලිවෙලින් රාහුල් ඩ්‍රාවිඩ්(10,467), ජැක් කලිස්(10,465),කුමාර් සංගක්කාර(9872) පසුවනවා.එම නිසා ටෙස්ට් අංශයෙන් රිකී පොන්ටින් ඉදිරියෙන් පසුවනවා

                         නමුත් එක්දින තරග දෙස හැරී බලන විට කුමාර් සංගක්කාර ලකුණු 10,643ක් ලබා ගනිමින් තම අනර්ගත්වය පැහැදිලි කරන අතර ඔහුට පි‍ටුපසින් රිකී පොන්ටින්(10,092),මහේල ජයවර්ධන(9730) පසුවනවා.

                       එය එසේ වෙද්දී අප තරග රටා 3 දෙසම බැලුවහොත් රිකී පොන්ටින් ලකුණු 21,606 ලබා ගෙන සංගක්කාරට වඩා තරමක් ඉදිරියෙන් පසුවෙනවා.රිකී පොන්ටින්ට පසුපසින් කුමාර් සංගක්කාර(21,425),මහේල ජයවර්ධන(19,978) සිටිනවා.

                    ඉන්දියානුවන් ලොව හොදම පිතිකරු ලෙස හදුන්වන සචින් ටෙන්ඩුල්කාර් 2000 වසරෙන් පසුව පැවති  ටෙස්ට් තරග වලට අනුව 5 වන ස්ථානයේත් (9434),එක්දින තරගවලට අනුව හතරවන ස්ථානයේත්(9164) පසුවනවා.

                    තරග වාර්ථා එසේ සටහන් වද්දී  කුමාර් සංගක්කාර අංශ 3න් කුමන අංශයෙන් වුවත් ලකුනු 181ක් ලබා ගත හොත් ඔහු 2000 වර්ශයට පසු ලොව බිහිවු හොදම පිතිකරුවා වනවා...

Wednesday, August 8, 2012

තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවා ඔබ දන්නවාද?


ග්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර වේ.2007 වර්ශයේදී බංගලාදේශ සමග පැවැත්වු තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේදී ලකුණු 428ක් ලබා ගෙන තරගාවලියකදී වැඩිම ලකුණු ‍රැස් කර ඇති වාර්තාව ඔහුගේ නමින් ලියවී තිබෙනවා.ඔහු එම තරගාවලියේදී දැවී ගොස් ඇත්තේ එක් වරක් පමනක් නිසා ඔහුගේ,තරගාවලියේ ලකුණු සාමාන්‍ය 428.00 ලෙස සටහන් වනවා.

ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ද.අප්‍රිකානු ජාතික ඩාර්ලි කලිනන් වේ.ඔහුගේ ලකුණු සාමාන්‍ය 427.00 ලෙස සටහන් වනවා.

Saturday, August 4, 2012

එක්දින තරගයකදී වැඩිම අමතර ලකුණු ලබා දුන් තරගය ඔබ දන්නවාද?




ග්‍රී ලංකාව හා පාකිස්ථානය අතර 2012 ජූනි 7 වැනි දින පැවැත්වූ 1 වන එක්දින තරගය ලොව වැඩිම අමතර ලකුනු ලබා දුන් තරගය වේ.ලබා දුන් අමතර ලකුණු ප්‍රමාණය 31 වන අතර එයට වයිඩ් ලකුණු 23ක් ද,නිපන්දු 1ක් සහ පා ලකුණු 7 ක් ඇතුලත්.එම තරගය නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති අතර එය 3272 වෙනි එක්දින තරගයද වෙනවා.


වැඩි විස්තර මෙතනින්

Wednesday, August 1, 2012

නවතම ICC පිතිකරු සහ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්.....


ICC ODI Championship

31 July 2012
TeamMatchesPointsRating
Australia536287119
South Africa303549118
India596955118
England455290118
Sri Lanka606632111
Pakistan495050103
West Indies39344788
New Zealand36294882
Bangladesh36240867
Zimbabwe33151146
Ireland1450436
Netherlands913715
Kenya9748





ICC Player Rankings
RankNameCountryRating
SA871
SA851
IND846
SL757
IND752
ENG742
ENG738
AUS700
SL695
AUS694

මේක පේන්නෙම නැත්තම් මෙතනින් පැහැදිලිව බලාගන්න...


Monday, July 30, 2012

ඔබ දන්නවද?



ග්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 5 වන එක්දින තරගයේදී ගෞතම් ගාම්භීර් ලකුණු 11 හෝ ඊට වඩා ‍රැස් කළ හොත් ඔහු ඉන්දියාව වෙනුවෙන් ලකුණු 5000 කණුව පසුකල දෙවෙනි (ලෝකයෙන්ම 17 වෙනි)  වේගවත්ව පිතිකරුවා වේ.
වැඩි විස්තර....

Monday, July 23, 2012

2012 වසරේ වැඩිම විකට් සහ වැඩිම ලකුනු ග්‍රී ලාංකිකයින්....





Kumar Sangakkara :- 25 matches | 24 innig | 1038 Runs | HS 133 | Average 45.13 | SR 80.46 | 3 Centuries | 5 Half Centuries.

Lasith Malinga :- 24 Matches |24 Innings | 207.3 Overs | 36 Wickets | BBI 5/54 | Average 33.05 | 5.73 Econ | SR 34.5


සම්පූර්ණ ලේඛනය සදහා මෙතනින් පිවිසෙන්න...

Saturday, July 21, 2012

ග්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගාවලියකදී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු...


තිලකරත්න ඩිල්ශාන් වේ.ඔහු තරග 5කින් යුත් තරගාවලියකදී ඉනිම් 5කදී ලකුණු 353ක් ලබා ගෙන ඇත.වැඩිම ලකුනු 160 ලෙස වාර්ථා වන අතර ශතක 2ක් තරගාවලියේදී වාර්ථා වේ.තරගයකදී සාමාන්්‍යය 70.60 ලෙස සටහන් වන අතර පන්දුවට පහරදීමේ වේගය 112.77 ලෙස වාර්ථා වේ.

වැඩි විස්තර සදහා මෙතන ක්ලික් කරන්න....

Friday, July 20, 2012

ආරම්භක පිතිකරු ලෙස පැමින කණ්ඩායම ජයග්‍රහනය කරපු තරග වල වැඩිම ශතක ලබා ගත් පිතිකරු කවුද?

මැතිව් හේඩ්න්...ඔහු තරග කල ටෙස්ට් තරග 103න් තරග 71ක් ජයග්‍රහනය කර එම ජයග්‍රහනය කල තරගවලදී ශතක 23ක් ඔහු ‍රැස් කර ගෙන ඇත.ඉන්පසු සිටින්නේ ග්‍රැහැම් ස්මිත් සහ ගෝර්ඩ්න් ග්‍රීනිඩ්ජ් වේ.ඔවුන් පිලිවලින් ශතක 16ක් සහ 14 ක් ලබා ගෙන ඇත.

වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න

Wednesday, July 18, 2012

විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම හතරේ පහරවල් මහේල ජයවර්ධනගෙන් බව ඔබ දන්නවාද?


 
විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම හතරේ(4) පහරවල් එල්ල කර ඇත්තේ මහේල ජයවර්ධනයි.තරග 36කට සහභාගී වී හතරේ පහරවල් 105 සහ හයේ පහරවල් 23 ක්මහේල ලබා ගෙන ඇත.ශතක 1ක් සහ අර්ධ ශතක 6ක් ලගා කරගෙන ඇති ඔහු ලබා ගෙන ඇති මුලු ලකුනු සංඛ්‍යාව 955කි.වැඩි විස්තර මෙතනින් 

Wednesday, July 11, 2012

ද.අප්‍රිකාව හා එංගලන්තය අතර පැවති තරග අතුරින් වැඩිම විකට් ලබා ගත් පන්දු යවන්නන්



ශෝන් පොලොක් වේ.1995-2005 අතර ටෙස්ට් තරග වලට සහභාගී වී ඇති අතර විකට් 91 ක් ඔහු ලබා ගෙන ඇත.ඉනිමකදී හොදම පන්දු යැවීම 6/39 ලෙස වාර්ථා වී ඇති අතර විකට් 5ක් ලෙස දවාගත් අවස්ථා 3 ලබා ගෙන ඇත.

සම්පූර්ණ ලෙඛනය මෙතනින් ලබා ගන්න.

Tuesday, July 10, 2012

ඕවර 50 ක්‍රිකට් තරගයකදී එක් ඉනිමක වැඩිම අර්ධ ශතක වාර්තා කළ කණ්ඩායම


පන්දුවාර 50 ක්‍රිකට් තරගයකදී පිතිකරුවන් වැඩිම අර්ධ ශතක ලබා ඇති තරගය වන්නේ 2008 දී සිම්බාබ්ව්වේ හා පකිස්තානය අතර පැවැත්වු තරගයය්.එම තරගයේදී පිතිකරුවන් 5 දෙනෙකු අර්ධ ශතක වාර්තා කර ඇති අතර එකදු පිතිකරුවෙක්වත් ශතකයක් ලබා ගෙන නැත.

තරගයේ ලකුනු පුවරුව පහත ලින්කුවෙන්

http://www.espncricinfo.com/ci/engine/match/325800.html

Friday, July 6, 2012

මකායා නිටිනි..

ද.අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට තරග කළ පලමු කලු ජාතිකයා ලෙස මාකායා නිටිනි හැදින්වෙන අතර 1998 දී ඔහු තම රට වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින වරම් ලබා ගන්නවා.බොහෝ බාධක කම්කටොලු මැද ජාතික කණ්ඩායමේ ස්ථාවර ස්ථානය්ක් ලබා ගන්නා නිටිනි 2003 වර්ශයේදී ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී කඩුලු 10ක් ලබා ගත්  පලමු ද.අප්‍රිකානු ක්‍රීඩකයාද වනවා.ටෙස්ට් ඉතිහාසයේ ද.අප්‍රිකාව වෙනුවෙන් හොදම පන්දු යැවීම වාර්තා කරන නිටිනි 2005 වසරේදී බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුනු 132ට කඩුලු 13ක් බිදහෙලනු ලබනවා.

2005 සහ 2006 යන වසරවල් වලදී ද.අප්‍රිකාවේ වසරේ ක්‍රීඩකයා යන සම්මාන ලබාගන්න නිටිනි 2009 වසරේදී ඔහුගේ ටෙස්ට් තරග 100 සම්පුර්ණ කරගන්නවා.නමුත් ඉන්පසුව ඔහුට ක්‍රීඩා කරන්නට හැකිවන්නේ ටෙස්ට් තරග 1ක් වන අතර ඔහු විකට් අතර නොරැදෙන නිසා ඔහුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනු ලබනවා.

 ඔහු 2010 වසරේ නොවැම්බර් මස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා අතර ඔහු මේ වන විට ටෙස්ට් තරග 101 කට තරග කර විකට් 390ක් ලබා ගෙන තිබෙනවා.ඔහු විකට් 4 බැගින් ලබා ගත් අවස්ථා 19ක් ද විකට් 5 බැගින් ලබා ගත් අවස්ථ 18ක් ද විකට් 10 බැගින් ලබා ගත් අවස්ථ 4ක් සටහන් වනවා.


Thursday, July 5, 2012

අවු.40 ට පසු වෑඩිම ශතක රෑස්කල ක්‍රීඩකයා

බ්‍රිතාන්ය ජාතික ජෑක් හොබ්ස් විසින් අවු.40 ට පසු වෑඩිම ශතක ප්‍රමාණයක් රෑස් කර ඈත.තරග 27 කට තරග කර ශතක 8ක් මොහු ලබා ගෙන ඈත.රෑස් කර ඈති මුලු ලකුනු 2440 වන අතර 211 මොහුගේ වෑඩිම ලකුනු ලෙස සටහන් වේ.

වෑඩි විස්තර සදහා පහත ලින්කුවට පිවිසෙන්න.

http://stats.espncricinfo.com/ci/engine/stats/index.html?agemin1=40;ageval1=age;class=1;filter=advanced;orderby=hundreds;template=results;type=batting

Monday, July 2, 2012

එක් තරගයකදී වැඩිම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු පිතිකරුවන් සිටි තරගය?

ද. ඉන්දීය කොදෙව්, ගයනා හි පකිස්තානය හා ද.ඉන්දීය කොදෙව් අතර 2011 වර්ශයේදී  පැවති ටෙස්ට් තරගයකදී මෙලෙස පිතිකරුවන් 20 දෙනෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගොස් තිබෙනවා.

පහත ලින්කුවෙන් එම තරගයේ ලකුනු පුවරුව බලන්න.

http://www.espncricinfo.com/ci/engine/match/489218.html

Thursday, June 21, 2012

දෝනි ලොව වැඩිම අදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයා වේ.


ලොව ප්‍රමුඛපෙලේ සමීක්ශන ආයතනයක් වන ෆෝර්බ්ස් සගරාව ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ඩ්‍ර සින් දෝනි ඉහලින්ම ඔසවා ඇත.

2011 ජුනි මස සිට 2012 ජුනි මස දක්වා ඉන්දියාව තුල වැඩිම අදායමක් ලැබූ  ක්‍රීඩකයාද වන්නේ ඔහුය්.


ෆොර්බ්ස් සගරාව ප්‍රසිද්දියට පත් කර ඇති අන්දමට දෝනි සතුව ඇමරිකානු ඩොලර් මිලියන 26.3 පවතින අතර ඔහුට ලොව අනෙක් වැඩිම අදායමක් ලබන ක්‍රීඩකයන් අතුරින් 31 වන ස්ථානය හිම්වී තිබෙනවා.

ෆොර්බ්ස් සගරාව ප්‍රකාශ කර අති අන්දමට ලොව වැඩිම අදායමක් ලබන්නේ සුපිරි බොක්සින් ක්‍රීඩක ෆ්ලොය්ඩ් මේවෙදර් ය.ඔහුට ඇමරිකනු ඩොලර් මිලියන 85ක් හිමි වන අතර පිලිවෙලින් මේන් රිවල්,මැනී පැකිවෝ සහ ටය්ගර් වුඩ්ස් ඔහුට පසුපසින් සිටිනවා.

Wednesday, June 20, 2012

ලංකාවට එරෙහිව වැඩිම ටෙස්ට් ශතක ලබා ඇති පකිස්තානු පිතිකරුවා


ඉන්සමාම්-උල්-හක් 1994 සිට 2006 දක්වා තරග කර ඇති අතර තරග 20 තුල ඉනිම් 31 කදි ශතක 5ක් සහ අර්ධ ශතක 7ක්  ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව ලකුණු 1559 සහ ඉනිමකදී වැඩිම ලකුනු 200* ලබා ගෙන ඇත.ඔහු ලංකාවට එරෙහිව 59.96ක සාමාන්යක් රදවාගෙන ඇත.

Label

Followers

 
Powered by Blogger