Powered by Blogger.

Saturday, August 18, 2012

V.V.S Laxman ජා්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරයි

37 හැවරිදි V.V.S Laxman තමන්ගේ අවු.16 ක් ජ්‍යාත්යන්තර ක්‍රිකට් ගමන නතර කිරීමට තීරණය කර ඇත.ඔහු ඔහුගේ උපන් ගම වන හයිඩ්‍රබාත් නුවරදී මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් කියා සිටියේ තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත්,තමන් හැම විටම තම රටේ ජයග්‍රහනයට තමන්ගේ උපරිමය ලබා දුන් බවත් ය.තවද ඔහු පවසා සිටියේ මෙය සමුගැනීමට නියම කාලය බවත් නවකයන්ට අවස්තාව දීමට තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බවය.


                      V.V.S Laxman ටෙස්ට් තරග 134ක් සදහා තම රට නියෝජනය කර ඇති අතර ලකුණු 8781 ලබා ගෙන ලකුණු සාමාන්්‍යය 45.97 ක් ලෙස රදවාගෙන සිටිනවා.

                   ඔහු 1996 වසරේදී ද.අප්‍රිකාව සමග පැවැත්වූ ටෙස්ට් තරගයකදී ටෙස්ට් වරම් ලබා ගත් ඔහු 2000 වසරේදී සිඩ්නී නගරයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 167 ලබා ගන්නවා.එතැන් පටන් ඉන්දීය කණ්ඩායමේ ස්ථාවර වන ඔහු 2001 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊඩ්න් ගාර්ඩ්න් පිටියේදී තම වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 281ක් ලබා ගන්නවා.

                               V.V.S Laxman 2006දී තම අවසන් එක්දින තරගය ක්‍රීඩා කලත් ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නැතුවම බැරි පිතිකරුවෙක් වනවා.නාග්පූර් ක්‍රීඩාංගනයේදී ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම එරෙහිව තම 100 වෙනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරනවා.ඔහු  ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 29ක් තුල  ශතක 17න් 6ක්  ලබා ගෙන ඇති අතර ඔහුගේ සාමාන්්‍ය 49.67 ලෙස වාර්ථා වනවා.

                             නමුත් පසුගිය එංගලන්ත හා ඕස්ට්‍රේලියානු සංචාර වල අසාර්ථක පිතිකරුවෙකු වූ ලක්ස්මන් එංගලන්ත සංචාරයේ තරග සාමාන්්‍ය 22.75 ලෙසද,ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග සාමාන්්‍ය 19.38 ලෙස සටහන් වනවා.

                           එලබෙන නවසිලන්ත සංචාරයේ ඔහුගේ ස්ථානය අවිනිශ්චිත තත්වයක තිබුනත් ඔහුව එම සංචාරයට නම් කරනු ලැබුවා.නමුත් අද දින(18) ඔහු මාධය හමුවක් තබා පවසා සිටියේ තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බැවින් එම ස්ථානය නවකයෙකුට දෙන ලෙසයි.



No comments:

Post a Comment

කොමන්ට් එකක් දාලම යමුද?

Followers

 
Powered by Blogger